BREAKING NEWS
Search

පාසල් සිසුන්ට රුපියල් 15,000ක දීමනාව ගැන දැනුම්දීමක්

1

අද (30) රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා විසින් පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට පත් ජනතාව වෙත සහන සැලසීමේ සහ වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කර ඇත.

මේ වන විට ආපදාවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම් කටයුතු බොහෝ දුරට අවසන් අදියරේ පවතින බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන් අතර ඔහු පහත කරුණුද ගෙන හැර දැක්වීය.

තවද සිසු දරුවන්ට රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමටද මාර්ගෝපදේශ නිකුත් කළ බවත් ඒ යටතේ ආපදාවෙන් පීඩාවට පත් සිසු දරුවන් 195,157ක ප්‍රමාණයක් හඳුනා ගැනීමට පියවර ගත් බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ යටතේ සිසු දරු දැරියන් 141,382කට මේ වන විටත් රුපියල් 15,000 දීමනාව ගෙවා අවසන් කර ඇති බවය.

ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආපදාවට පත් පිරිස් සඳහා වන්දි මුදල් ලබා දීමේදී එහි නිරවද්‍යතාව සහ ආපදාවට ලක්වූවන් නිවැරදිව හඳුනා ගනිමින් වන්දි මුදල් ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කරන බවත්ය.

මෙම කාර්ය ඉතා දුෂ්කර බැවින් සිදුවන ප්‍රමාදයන් සම්බන්ධව චෝදනා කිරීම සුසුදු නොවන බවද කඩිනමින් මෙම වන්දි ලබා දීමේ කටයුතු අවසන් කිරීමට සියලු පාර්ශ්වයන්ගේ සහයද අත්‍යාවශ්‍ය වන බවද ඔහු පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *