කොහොමද ශනූ දැන් Film industry එකේ ඔයා පට්ට Hit කියලා ඔයාටම දැනෙනවා නේද ?
හිතාගන්න බෑ …..නීරා සහ මෝඩ තරිඳු හින්දා මාර ප්‍රතිචාරයක් මට ලැබෙන්නෙ ……
ඔයා නිතර කියන දෙයක් තමයි මෝඩ තරිඳු අධ්‍යක්ෂ තිසර ඉඹුලාන ඔයාට ඔයාගෙ සහෝදරයෙක් වගේ කියන එක………ඇයි ශනූ එහෙම කියන්නෙ ?
ඒක මම හදවතින්මයි කියන්නෙ….එයා මට මගේම සහෝදරයෙක් වගේ තමයි……මගේ ප්‍රියේ ගීතයේ අධ්‍යක්ෂවරයා වුණෙත් තිසර ඉඹුලාන …….ඊට පස්සෙ වැහි බිඳු , හතේ හත මේ Music video වල මම ඉද්දිත් තිසර අය්යා මාත් එක්ක හිටියා…….. නිළියක් විදිහට මගේ හැකියාවන් උපරිම තැනකට ගේන්න තිසර අය්යා මාර support එකක් දුන්නා…තිසර අය්යා ළඟ ඉද්දි මට මාර comfortable ……
මෝඩ තරිඳු Location එකත් පට්ට happy ඇති නේද ?
අනේ ඔව්…..දවස් 12ක් shooting තිබුණා…..මගේ පළවෙනි Black comody movie එක … මෝඩ තරිඳු crew එක ම මාර ශෝක්….මාර හොඳයි…….හරිම සුන්දර කවදාවත් අමතක නොවන කාලයක්……
ශනූට හුඟාක් අය හරි ආදරෙයි කියලා ශනූට දැනෙනවද ?
ඕනෙ තරම් දැනෙනවා….මෝඩ තරිඳු සහ නීරා හින්දා ඒ ආදරය දැන් දහ ගුණයකින් විතර වැඩිවෙලා…….පුංචි කාලෙ අම්මගෙ තාත්තාගෙ අක්කිලාගෙ ආදරය….දැන් මස්සිනාලා දෙන්නගෙ ආදරය සහ පුංචි කෙනෙක් විදිහට ලබන ආදරය…..නිළියක් විදිහට හුඟාක් අයගෙන් ලබන ආදරය…..ලෝකෙම පිරිලා තියෙන්නෙ ආදරයෙන් කියලා හිතෙනවා.




















