BREAKING NEWS
Search

ආලේ නිසා දැන් ලංකාවෙන් යන්න බෑ හිතෙනවා

0

ආලේ අරවින්ද හුඟක් කල් හිටියේ ලංකාවෙන් එහාට ගිහින්. ආලේ කියන්නේ මේ දවස්වල hit වෙච්ච tele drama  එකක්..අරවින්දගේ චරිතය රඟපාන චින්තක කුලතුංග ලංකාවෙන් ගියේ සුදු ඇඳගෙන කළු ඇවිදින් කරන කාලෙමයි. ජංගි හොරා එකෙත් එයා රඟපෑවා. ඒත් ජංගි හොරා තිරගත වෙද්දිත් එයා හිටියේ කැනඩාවේ.

ලංකාවට යනවා එනවා. ඔහොම අතරතුරේ තමා චින්තකට ආලේ  ලැබෙන්නේ.  ආලේ එක්ක ලැබෙන ජනප්‍රියත්වය  සහ  ප්‍රතිචාර නිසා චින්තක ආයෙත් දිගු කාලයක් රට යන්න හිටපු බලාපොරොත්තුව වෙනස් කරලා. ඒක ඇත්තද අහද්දි චින්තක දුන්නේ මේ වගේ උත්තරයක්

” මම ලංකාවෙන් ගියෙත් මගේ නම හැදීගෙන එන  කාලෙ කියලා  මට දැන් තේරෙනවා. දැන් ලැබෙන ප්‍රතිචාර දැක්කම මාර ලෝභකමක් හිතෙනවා රට දාලා යන්න බෑ හිතෙනවා. මට හිතෙනවා මම දැන් නැවතිලා ඉන්නේ මට උරුම තැන කියලා. ඒ නිසා ගිහින් එන්න ගියත් නවතින්න නම් ආයෙම  ලංකාවෙන් යන්නේ නෑ කියන තීරණය මම අරගත්තා. කාලෙකට පස්සෙ ආයෙමත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙද්දි ඒ ආදරය තරම් වටිනා තව දෙයක් තියෙනවද කියලා මට හිතෙනවා. ඒ ආදරයම තමයි මම ලංකාවෙන් යන්නේ නෑ කියන තීරණයටත් මාව අරන් ආවේ. ඒක දැඩි තීරණයක්. මම ඒ තීරණය වෙනස් කරන්නේ නැහැ. ඒ වගේම මගේ පුතා ගෙවින්  අභිෂේක් නළුවෙක් විදිහට යන ගමන දිහා බලාගෙනත් මම මාර සතුටක් විඳිනවා  තාත්තා කෙනෙක් විදිහට.ඒත් මම ආසා මගේ පුතා ටෙලි නාට්‍ය නළුවෙක් වෙනවට වඩා සිනමා නළුවෙක් වෙනවා දකින්න.ඒ නිසා මට අදහසක් තියෙනවා හොඳ චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරන්න ,”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *