BREAKING NEWS
Search

මීටර් 400ට රුපියල් 18,000ක්! ටැක්සි රියදුරා ඇමරිකානු කාන්තාවට කරපු දේ සමාජ මාධ්‍ය කලබයි

0
සංචාරකයින් හූරාගෙන කෑම ලෝකේ ඕනෑම තැනක සිද්ධ වෙන දෙයක් වුණත්, ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වුණු මේ සිද්ධිය නම් ඇඟ කිලිපොලා යන එකක්.


බොහොම කෙටි දුරක් යන්න ආපු ඇමරිකානු කාන්තාවකගෙන් ඉන්දීය රුපියල් 18,000ක් කඩාගන්න හදපු කපටි රියදුරෙක් ගැන දැන් සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් ඇතිවෙලා තිබෙනවා.

ආර්ජන්ටිනා අරියානෝ නමැති මෙම විදෙස් කාන්තාව මුම්බායි ගුවන්තොටුපළට බැහැලා තියෙන්නේ බොහොම බලාපොරොත්තු ඇතිව. ඇයට යන්න ඕන වෙලා තිබුණේ ගුවන්තොටුපළට බොහොම කිට්ටුවෙන් තියෙන ‘හිල්ටන් හෝටලයට’. ඒකට තියෙන්නේ මීටර් 400ක වගේ ඉතාම කෙටි දුරක්.

නමුත් ඇයව තනි කරගත්ත 50 හැවිරිදි දේශ්රාජ් යාදව් කියන රියදුරා සහ තවත් සගයෙක් එකතු වෙලා ඇයව බය කරලා තියෙනවා. කෙලින්ම හෝටලයට යන්නේ නැතුව, ඇයව විනාඩි 20ක් තිස්සේ අන්ධේරි ඊස්ට් ප්‍රදේශයේ වටවල් ගස්සවලා, අන්තිමේදී හෝටලය ගාවට ගෙනත් දාලා තමයි මේ අතිවිශාල මුදල බලහත්කාරයෙන් අය කරගෙන තියෙන්නේ.

තමන්ට වුණු මේ අසාධාරණය ගැන අරියානෝ සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් කරන්න පියවර ගත්තා. මේක ලැව්ගින්නක් වගේ පැතිරෙද්දී මුම්බායි පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා.

කොහොම වුණත් පොලිසිය විසින් පැය 3ක් ඇතුළත MH 01 BD 5405 දරණ වාහනය පදවපු රියදුරාව අත්අඩංගුවට ගත්තා.වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කරන්න බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නව භාරතීය න්‍යාය සංහිතා (BNS) යටතේ මොහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වෙනවා.

“සංචාරකයින් කියන්නේ රටකට අමුත්තෝ මිසක් හූරාගෙන කන්න ඉන්න ගොදුරු නෙවෙයි” කියන පණිවිඩය මේ සිදුවීමෙන් ඉන්දීය බලධාරීන් තදින්ම අවධාරණය කරලා තිබෙනවා.
මේ වංචාවට හවුල් වුණු අනෙක් පුද්ගලයාවත් අල්ලා ගැනීමට මේ වෙනකොටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *