BREAKING NEWS
Search

විදේශයක සිට එන කිසිදු මගියෙකුට දුම්වැටි ගෙන ඒම සපුරා තහනම් – මුදල් අමාත්‍යංශය

0

විදේශයක සිට පැමිණෙන කිසිදු මගියෙකුට දුම්වැටි රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, පසුගිය මාස හතරක කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණි මගීන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙම දුම්වැටි ප්‍රමාණය විසි ලක්ෂ තිස් දෙදහස් අටසිය හතරක් (2,032,804) බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව, කෙරවලපිටිය අපද්‍රව්‍ය බලශක්ති විදුලි බලාගාරයේදී මෙම දුම්වැටි තොගය දහනය කර විනාශ කිරීම අද (30) සිදු කෙරුණා.

මෙම දුම්වැටි තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 305 ක් වන අතර, රජයට අහිමි වීමට ගිය බදු මුදල රුපියල් මිලියන 271 ක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *