ලෝක රන්මිල පහළ මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 368,000 ක් දක්වා පහළ ගොස් තිබේ.
ඊයේ (29) එය දැක්වුණේ රුපියල් 386,400ක් ලෙසය.
මේ අතර ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 400,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.




















