BREAKING NEWS
Search

මගී නෞකාවක් මහ මුහුද මැද පෙරළෙයි. පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට. 144 දෙනෙකු තවමත් අතුරුදන්.

487
පිලිපීනයෙන් අද උදෑසන වාර්තා වෙන්නේ හදවත නතර වෙන සුළු පුවතක්.

350කට අධික පිරිසක් පටවාගෙන සතුටින් ගමන් කරපු මගී නෞකාවක්, දකුණු දිග බසිලාන් (Basilan) දූපත් ආසන්නයේදී එකපාරටම පෙරළී ගොස් තිබෙනවා.

නෞකාව පෙරළීමෙන් මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වශයෙන් වාර්තා වෙනවා. මේ මොහොත වෙද්දීත් මගීන් 144 දෙනෙකු ගැන කිසිම තොරතුරක් නැහැ. ඔවුන් මුහුදේ ගසාගෙන ගියාද නැත්නම් නැව ඇතුළේ හිරවුණාද යන්න තවමත් අභිරහසක්.

අතුරුදන් වූ පිරිස සොයා පිලිපීන වෙරළාරක්ෂක බලකාය සහ සහන කණ්ඩායම් මුහුද පීරමින් දැවැන්ත මෙහෙයුමක් දියත් කරලා තියෙනවා.

සන්සුන්ව ගමන් කරමින් තිබූ නැව එකවරම පෙරළී ගියේ ඇයිද යන්න ගැන තවමත් විමර්ශන සිදුවෙනවා. බේරුණු පිරිස් පවසන්නේ ඉතාමත් කෙටි වෙලාවකින් සියල්ල සිදුවූ බවයි. 144 දෙනෙකුගේ ජීවිත මරණයත් එක්ක සටන් කරද්දී, මුළු ලෝකයම ප්‍රාර්ථනා කරන්නේ ඔවුන් නිරුපද්‍රිතව බේරේවා කියලයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *