නාලන්දා විද්‍යාලයීය සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදි කරනු ලැබූ නවෝත්පාදන ගොඩනැගිල්ලේ (ධර්මා ගුණසිංහ මන්දිරය) පළමු අදියර විවෘත කිරීම අද උදෑසන අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.
රුපියල් මිලියන 600 කින් මෙම ගොඩනැගිල්ලේ සියලු වැඩ කටයුතු නිමා කිරීමට කටයුතු යොදා ඇති අතර, පළමු අදියරේ වැඩ අවසන් කිරීම සඳහා මිලියන 300 ක් වියදම් වී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම අවස්ථාව සඳහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආදි නාලන්දීයයන් රැසක් සහ සම්භාවනීය පිරිසක් සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.




















