BREAKING NEWS
Search

ලොරියක් ගිලන්රථයක ගැටී බිහිසුණු අනතුරක්

292

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් ගිලන් රථයක ගැටී අද (25) දහවල් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

එම අනතුරෙන් ලොරි රථයේ රියදුරා සහ සහායකයා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

ගිලන් රථයේ පැමිණි රෝගියෙකුද තුවාල ලබා ඇති අතර ගිලන් රථයේ රියදුරා සහා තවත් සේවිකාවක් තුවාල ලබා ඔවුන්ද දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධව හබරණ පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

ගිලන් රථය දඹුල්ලේ දෙස සිට හබරණ දෙසට ගමන් කර ඇති අතර ලොරි රථය හබරණ සිට දඹුල්ල දෙසට ගමන් කර තිබුණි.

ලොරි රියදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව හබරණ පොලීසිය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *