ඒ තමයි ලාදුරු රෝගය. මෙතෙක් කලක් අපි හිතාගෙන හිටියේ මේක ඉවර වෙලා ගිය ලෙඩක් කියලා වුණත්, ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස් බවයි දැන් හෙළි වෙන්නේ.
ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මිය හෙළි කළ තොරතුරු ඇත්තටම හැමෝම දැනුවත් විය යුතු කරුණු කිහිපයක්.
දැනට ලැබෙන වාර්තා අනුව ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක් ලාදුරු රෝගීන්ගෙන් තොර නැහැ. හැම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම පහත දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා.
අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම සහ රත්නපුර
මේක තමයි මේ වාර්තාවේ තියෙන භයානකම පැත්ත. ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් 60%ක්ම පිරිමින්. ඒ විතරක් නෙවෙයි, මොවුන් වැඩි දෙනෙක් අවුරුදු 25ත් 50ත් අතර පසුවන අය.
රටේ ආර්ථිකය කරපිට තියාගෙන ඉන්න, වැඩ කරන්න පුළුවන් වයසේ ඉන්න තරුණ සහ මැදිවයස් පිරිමි අය මෙලෙස ලෙඩ වීම රටේ අනාගතයට ලොකු තර්ජනයක් කියලා වෛද්‍යවරිය පෙන්වා දෙනවා.
ලාදුරු කියන්නේ කල් තියා හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් ලෙඩක්. හැබැයි මේ ගැන තියෙන නොදැනුවත්කම නිසා රෝගය පැතිරෙන්න ඉඩ තියෙනවා.
ලාදුරු රෝගයේ මූලික ලක්ෂණ:
ඒ ලපවලට දැනීමක් (රස්නය, සීතල, වේදනාව) නැති වීම.


















