BREAKING NEWS
Search

ත්‍රිබල් දා ගිය යතුරුපැදියේ තරුණයන් දෙදෙනෙක් කැබ් රථයක වැදී මරුට

276

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාරයා මාර්ගය මැද සැඟවී සිටින්නේ කවදාදැයි කිසිවෙකුත් දන්නේ නැහැ.

නමුත් ඒ සැඟවුණු මාරයා තවත් වටිනා තරුණ ජීවිත දෙකක් මඩකලපුව, එරාවුර් පොළොවට බිලි දී හමාරයි.

පවුලක බලාපොරොත්තුව, අම්මෙකුගේ සිහිනය සහ යහළුවන්ගේ ලෝකය එක මොහොතකින් සුනුවිසුනු වී ගිය ඒ අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ සවුක්කඩි වෙරළ මාර්ගයෙමන්.

පෙරේදා නිසල රාත්‍රිය මරණයේ විලාපයකින් දෙදරවා හැරියේ එරාවුර් පිළිකා රෝහල ආසන්නයේදී.

ඒ තරුණයින් තිදෙනෙකු ගමන් කළ යතුරුපැදියක් සහ TATA වර්ගයේ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

යකඩ තැලී පොඩි වී යද්දී, ඒ යකඩ අතරේම තරුණ ජීවිත දෙකක් අවසන් හුස්ම හෙළුවේ මුළු ප්‍රදේශයම කම්පාවට පත් කරමින්.

අනෙක් තරුණයා බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටිනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *