BREAKING NEWS
Search

පියාගේ මතකයෙන් සමුනොගත් දුනිත් “තරගයේ වීරයා” සම්මානයත් සමග සංවේදී වෙයි..

349
ඔහුගේ නම ඇසූ සැනින් අදටත් බොහෝ දෙනෙක්ට ඒ නික්මයාම මතක් වෙනවා ඇති.

මේ කියන්න යන්නේ අන්න ඒ සංවේදී සිදුවීමත් සමග ඊයේ ඔහු දිනූ ජයග්‍රහණය ගැන කතාවක්.

එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් පසු තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, තමා දිනාගත් ‘තරගයේ වීරයා’ සම්මානය සිය අභාවප්‍රාප්ත පියා වෙනුවෙන් පුද කරමින් හැඟීම්බර ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 271ක ඉලක්කයක් ආරක්ෂා කරගත් අතර, එහිදී දුනිත් වෙල්ලාලගේ පන්දු 12ක් තුළ නොදැවී ලකුණු 25ක් රැස් කරමින් සහ පන්දු යැවීමේදී ලකුණු 41කට කඩුලු 2ක් දවා ගනිමින් විශිෂ්ට ලෙස තරග කළා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් 23 හැවිරිදි දුනිත් පැවසුවේ, පසුගිය ආසියානු කුසලාන තරගාවලිය අතරතුර තමා ශ්‍රී ලංකාව නියෝජනය කරද්දී අභාවප්‍රාප්ත වූ සිය පියා මෙම සම්මානයේ සැබෑ හිමිකරු බවයි.

“මම මේ සම්මානය මගේ තාත්තාට පුද කරනවා. ඔහු කොහේ හෝ සිට මා දෙස බලා සිටින බව මම දන්නවා. ඔහු නිතරම කැමති වුණේ මම රට වෙනුවෙන් උපරිම දස්කම් දක්වනවා දකින්නයි. ඔහු මට හැමදාමත් විශාල ශක්තියක් වුණා.”

පසුගිය මාස කිහිපය තමාට පෞද්ගලිකව ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් වූ බවත්, එම කාලයේදී තමාට සහය වූ සියලු දෙනාටම ඔහු සිය කෘතඥතාව පළ කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *