BREAKING NEWS
Search

මේ අයට ඉහළ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

897

ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ ධීවරයින්ගේ ක්‍රය ශක්තිය අනුව ඔවුන්ගේ අභිමතය මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම හඳුන්වා දී තිබීමය.

ඒ අනුව නව ධිවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ, ධීවරයින්ගේ ක්‍රය ශක්තිය හා කැමැත්ත අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවීමට අවස්ථාව හිමි වේ.

එහිදී රු 5,000, රු 10,000, රු 15,000, රු 20,000, රු 25,000 හෝ ඊට වැඩි ආදි වශයෙන් අභිමතය පරිදි වයස අවුරුදු 60න් පසුව මාසිකව ලබාගත හැකි ඕනෑම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායකවිය හැකිය.

මෙම යෝජනා ක්‍රමය යටතේ තවත් විශේෂත්වයක් වන්නේ වයස අවුරුදු 60න් පසුව එළැඹෙන එක් එක් වයස් සීමාවන් තුළ විශ්‍රාම වැටුප් වැඩිවීමයි.

එනම් මාසිකව රු 1,000 විශ්‍රාම වැටුපකට දායක වුවහොත් වයස අවුරුදු 64 – 70 දක්වා 1,250 විශ්‍රාම වැටුපක් වයස අවුරුදු 71 – 77 දක්වා රු 2,000 හා අවුරුදු 78න් පසුව රු 5,000ක විශ්‍රාම වැටුපක් ලබාගැනීමට හැකිවන ලෙසය.

මීට අමතරව නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීමෙන් ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක් ලැබීම, විශ්‍රාම වැටුප්ලාභියා මියගිය විට දී විශ්‍රාම වැටුප කාලාත්‍රයාට ලැබීම හා ධීවර හා ධීවර කටයුතු ආශ්‍රිත රැකියාවන්හි නිරත වන පිරිසට ද මේ සඳහා දායකවීමට හැකියාව මෙම ප්‍රතිලාභයෙහි ඇති තවත් විශේෂයකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *