හෙට ඉඳන් ඉස්කෝලේ ගියත් වැඩි දවසක් යන්න කලින් ආයෙත් ගෙදර ඉන්න ලැබෙන හැටි..

2701

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් ආරම්භ වෙනවා.

පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි මස 5වනදා සිට 9වනදා දක්වා දක්වා ක්‍රියාත්මක වු අතර ‘දිට්වා’ සුළි කුණාටුවත් සමග උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග හේතුවෙන් ජනවාරි 10වනදා සිට අද දිනය දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දීම සිදුවුණා.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ,හෙටින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු මස 02 වනදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් රාමසාන් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල්වලට පෙබරවාරි 14 වනදා සිට මාර්තු මස 22 වන දින දක්වා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *