BREAKING NEWS
Search

කබල් බසයක් ධාවනය කර අනතුරක් සිදු කළ රියැදුරාට සිදු වූ දේ

52

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ධාවනයට නුසුදුසු  ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරි රහිතව ධාවනය කර මාරක රිය අනුරක් සිදු කොට පුද්ගලයකු මරණයට පත් කර සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැබැඳි වැරදි සම්බන්ධයෙන්   අධිකරණ හමුවේ චෝදනා පහක් ලබා සිටි ලංකා ගමනා ගමන මණ්ඩලයේ  රියදුරකු  එකී සියලු   චෝදනාවන්ට වරදකරු බවට තීන්දු කළ කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය විත්තිකාර රියදුරාට  බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස  නියම  කළාය. වන්දි මුදලට අමතරව රුපියල් 66500ක දඩයක් ගෙවන ලෙස ද නියෝග කළාය.

එම දඩ මුදුල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් මාස 3 ක සිර දඩුවමක්ද නියම කෙරිණ. ඊටද අමතරව මරණකරුගේ පාර්ශයට මුදලින් රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකාර ලංගම රියදුරාට නියෝග කළ මහේස්ත‍්‍රාත් නිමේෂා පටබැඳිගේ  මහත්මිය එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් වසරක සිර දඬුවමක් ද  නියම  කෙරිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *