BREAKING NEWS
Search

බස් රථයක් පෙරළීමෙන් බිහිසුණු අනතුරක් – රියදුරු මරුට

1583

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ  බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබේ.

අනතුරින් බස් රථයේ රියදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

එම ප්‍රදේශයේදී බස් රථයේ රියදුරු අසුන පිහිටි දොර විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට තැත් කර තිබේ.

එහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී බස් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති බවත් සඳහන් වේ.

අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම පිරිස අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙකු සහ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම අනතුරින් පසු මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී ඇති අතර එම අවහිරතාව කඩියමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු ආසන පටි පැළඳ නොසිටි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *