BREAKING NEWS
Search

CTB බස් රථය නොමඟ යැවූ වනඅලියා

237

කොළඹ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය කරමින් තිබු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත්  බස් රථයක් දිඹුලාගල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති තිබේ.

ඊයේ (14) රාත්‍රී 11.30ට පමණ අදාළ අනතුර සිදුව ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි.

මාර්ගය හරහා ගමන් කළ වන අලියා බේරීමට යාමේදී මෙම අනතුර සිදුවූ බව බස් රථයේ රියදුරා පොලිසිට ප්‍රකාශ කර ඇත.

ඒ අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මනම්පිටිය පොලිසිය විසින් ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *