BREAKING NEWS
Search

තමන්ගේම මහන්සියෙන් ගත්ත බයික් එක තරුණයාගේ ජීවිතයම අරන් ගිහින්

0
තමන්ගේම මහන්සියෙන් ජීවිතය ජයගන්න උත්සාහ කරපු, දෙමාපියන්ට වගේම සහෝදර සහෝදරියන්ට පණ වගේ ආදරය කරපු තවත් එක රත්තරන් පුතෙක් අපෙන් සමුගෙන තිබෙනවා.

හොරණ, පොකුණුවිට වැලිගම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත යතුරුපැදි අනතුරකින් 23 හැවිරිදි අකිල විශාන් තරුණයා මෙලොව හැර ගියේ මුළු ගමක්ම හඬවමින්.

සිද්ධිය වූ දින අකිල නිවසින් පිටව ගියේ තම හිතවත් මිතුරකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමටයි. සාදය නිමවී රාත්‍රී 12ට පමණ අකිල තම අයියාට ඇමතුමක් ලබාදී පවසා තිබුණේ “සාදය ඉවරයි, මම දැන් ගෙදර එනවා” කියායි. පසුදින රැකියාවට යාමට ඇති බැවින්, අතරමගදී යතුරුපැදියට ඉන්ධන ලබාගැනීමට ඔහු පෙට්‍රල් ෂෙඩ් එක දෙසට ගමන් කර තිබෙනවා. නමුත් ඒ ගමන ඔහුගේ අවසාන ගමන වේ යැයි කවුරුන් නම් සිතන්නද?

පොකුණුවිට ඉන්ධන පිරවුම්හල පෙනෙන මානයේදී, පාර අයිනේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක ඔහුගේ යතුරුපැදිය ගැටෙන්නේ සියලු බලාපොරොත්තු සුන් කරමින්.

අකිල කියන්නේ නිකම්ම තරුණයෙක් නෙවෙයි. ඔහුගේ පියා ආබාධිත විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක්. දෙමාපියන්ට බරක් නොවී ජීවත් වෙන්න උත්සාහ කරපු අකිල, උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා පෞද්ගලික ආයතනයක රැකියාවට ගියේ හරිම උනන්දුවෙන්. ඔහු පැදගෙන ගිය යතුරුපැදිය පවා රැකියාවෙන් හම්බ කරපු මුදලින් අමාරුවෙන් ඉතිරි කරලා ගත්ත එකක්.
තම දයාබර පුතුගේ අකල් වියෝවෙන් කම්පිත වූ පියා පවසන්නේ දෑසට කඳුළු උනන කතාවක්.

“කවදා හරි අපිට වතුර උගුරක් දෙන්න හිටිය දරුවටනේ මේ විපත වුණේ. පුතා හැමතිස්සෙම කිව්වේ අපිව හොඳට බලාගන්නවා, නංගිට ඉහළට උගන්නන්න ඕනේ කියලා…”

අහිංසක පවුලක ලොකු බලාපොරොත්තුවක් වුණු අකිල, විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා තම නැගණිය ගැනත් නිතරම හිතපු ආදරණීය අයියෙක්. අද ඔහු නැති අඩුව ඒ පවුලට කවදා නම් පිරවිය හැකිද?

අනතුරින් බරපතළ තුවාල ලැබූ අකිලව රෝහල් ගත කළත්, ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී නැහැ. හිසට සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ බරපතළ තුවාල මරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *