BREAKING NEWS
Search

ලෝක සිතියමෙන් රටක් සදහටම මැකී යයි! 2050 වෙනකොට මුහුදට බිලිවෙන අවාසනාවන්ත රාජ්‍යය.

0
ලෝකයේ රටවල් අහිමි වෙන්න පුළුවන් යුද්ධ නිසා විතරක් නෙවෙයි කියලා ඔයාලා දන්නවාද? මේ කියන්න යන්නේ හිතාගන්නත් බැරි විදියේ ඇත්තම කතාවක්.
පැසිෆික් සාගරයේ තියෙන ලස්සනම දූපත් රාජ්‍යයක් වන ටුවාලු (Tuvalu) දැන් ලෝක සිතියමෙන් සදහටම මැකී යාමේ අවදානමකට මුහුණ දීලා.

විද්‍යාඥයන් පවසන විදිහට දේශගුණික විපර්යාස නිසා මුහුදු මට්ටම වේගයෙන් ඉහළ යනවා. මේ නිසා 2050 වෙනකොට මුළු ටුවාලු රාජ්‍යයම මුහුදට යට වෙලා යාවි කියලා තමයි අනාවැකි පළ වෙන්නේ. මේක නිකම්ම අනාවැකියක් නෙවෙයි, NASA ආයතනයත් කියන්නේ 1993 ඉඳන් මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය දෙගුණ වෙලා කියලයි.

රට මුහුදට යට වුණත්, තමන්ගේ රටේ උරුමය රැකගන්න ටුවාලු රජය අමුතුම වැඩක් පටන් අරන්. ඒ තමයි තමන්ගේ රටේ 3D ස්කෑන් පිටපත් අරගෙන, රජයේ කටයුතු ඩිජිටල් කරලා, ලෝකයේ පළමු “Virtual State” හෙවත් අතථ්‍ය රාජ්‍යය බවට පත්වෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කිරීම. ඒ කියන්නේ රට භෞතිකව නැති වුණත් ඩිජිටල් ලෝකයේ ඒ රට පවතිනවා.

රට යට වෙද්දී මිනිස්සු කොහේ යන්නද? මේකට විසඳුමක් විදිහට ටුවාලු රජය ඕස්ට්‍රේලියාව එක්ක එකතු වෙලා ලොව ප්‍රථම “දේශගුණික සංක්‍රමණ වැඩසටහන” (Climate Visa) හඳුන්වා දීලා තියෙනවා.

වසරකට ටුවාලු වැසියන් 280කට ඕස්ට්‍රේලියාවේ පදිංචිය ලැබෙනවා. මේ අවස්ථාව කොච්චර උණුසුම්ද කියනවා නම්, පළමු වීසා 280 සඳහා අයදුම්පත් 8,750 කට වඩා ලැබිලා තියෙනවා.

ටුවාලු වලට වෙන්න යන්නේ අනාගතයේදී ලෝකයේ බොහෝ වෙරළබඩ රටවලට වෙන්න යන දේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් කියලා විශේෂඥයන් කියනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *