පුද්ගලයන් 06 දෙනකුට මරු කැඳවූ විෂ සහිත නීතිවිරෝධී මත්පැන් අලෙවි කළ බව කියන කාන්තාවකට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට වෙන්නප්පුව පොලිසිය කටයුතු කර ඇත.
මෙම විෂ සහිත නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන පවත්වාගෙන යයි. මෙම විෂ සහිත මත්පැන් පානය කිරීම නිසා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඊයේ (07දා) වනවිට 06 දක්වා ඉහළ ගොස් තිබිණි.
මේ අතර මෙම විෂ මැත්පැන් පානය කිරීම නිසා රෝගී වූ තවත් 08 දෙනෙක් මාරවිල සහ මීගමුව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
වෙන්නප්පුව ප්‍රදේශයේ පිරිසක් ඉකුත් 05 වැනිදා නීතිවිරෝධී මත්පැන් පානය කිරීම නිසා ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝගාතුර වී තිබිණි. ඉන් 05 දෙනෙක් 06 වැනිදා මියගොස් තිබූ අතර ඊයේ අලුයම තවත් අයෙක් මරුමුවට පත්විය.
මෙම විෂ සහිත මත්පැන් අලෙවි කළ බව කියන කාන්තාවක පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු මෙම විෂ සහිත මත්පැන් නිෂ්පාදනය කළ බවයි.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු




















