මෙම වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉකුත් 2025 වසරට සාපේක්ෂව වැඩි වනු ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
එම වාර්තාවලට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයට ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 4,931 ක් වුවත් මෙම වසරේ ගත වූ දින 6ට පමණක් ඩෙංගු රෝගීන් 1,598 ක් වාර්තා වී තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව සහ පවතින වැසි තත්ත්වය මේ සඳහා වැඩ් වශයෙන් බලපා ඇති බවයි වාර්තා වන්නේ.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් “නිකසල පුරයක් – සුවබර දිවියක් ” නමින් ක්‍රියාත්මක පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතයි.
අපට ඩෙංගු හැදිල කියල අපි දැනගන්නේ කොහොමද ?
ඔබට දින දෙකේ සිට හත දක්වා පවතින උණක්, මස්පිඩු වේදනාවක් , තදබල හන්දි වේදනාවක්, ඇස්යට වේදනාවක්, එහෙමත් නැත්නම් වමනය තියෙනවා නම් ඒ ඩෙංගු රෝගය වෙන්න පුළුවන්.
මේ රෝග ලක්ෂණ තිබුනොත් අපි මොකද කරන්න ඕනේ?
උණ සමනය වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් හැකි ඉක්මනින් ඔබේ පවුලේ වෙද්‍යවරයාගෙන් උපදෙස් ගන්න, නැත්නම් ලඟම පිහිටි රෝහලට යන්න.
මුල් කාලයේම ඩෙංගු හදුනා ගැනීම හරිම වැදගත් වගේම ඩෙංගු කම්පන තත්වය වගේ බරපතල රෝගී තත්වයන් ඇතිවීමත් ඉන් වැළකෙනවා.
ඩෙංගු හැදෙන එකෙන් බේරෙන්න අපිට කරන්න යමක් තියෙනවද ?
ඔව්,මේක රජයටවත් සෞඛ්‍ය අංශවලටවත් තනියෙන් දිනන්න පුළුවන් සටනක් නෙමේ. වගකිවයුතු පුරවැසියෙක් විදියට අපි හැමෝගෙම ක්‍රියාශීලි දායකත්වය හරි වැදගත්.
ගෙදර, ඩෙංගු මදුරුවන් බෝවෙන්න ඉඩ පහසුකම් සලසන වතුර එකතුවෙන ස්ථාන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
වැහි පිහිලි , ගෘහාලංකරණයට තියෙන වතුර පිරුනු පොකුණු සතියකට දෙපාරක්වත් සුද්ධ පවිත්‍ර කරන්න අමතක කරන්න එපා.
පොල්කටු, වතුර එකතු විය හැකි ඉවතලන භාජන, විනාශ කරන්න, නැත්නම් වතුර එකතු විය නොහැකි තැනක නිසි පරිදි ගබඩා කරන්න.
ගෙදර ශීතකරණයේ සහ විසිතුරු මල්බදුන්වල තැටිවල එකතුවෙන වතුර නිතිපතා ඉවත් කරන්න.
ගෙමිදුලේ නිදහසේ ඉන්නකොට හරි,ගේ ඇතුලේ දුවා දරුවන් එක්ක ගතකරන කොට හරි අනුමත මදුරු විකර්ශකයක් ශරීරයේ නිරාවරණය වෙන තැන්වල ගලවන්න.
ඩෙංගු මදුරුවා දෂ්ඨනයේ යෙදෙන උදේ 6ත්- 9ත් හවස 3ත් 7ත් අතර කාලයේ එලිපහලියට යනවනම් ශරීරය වැහෙන්න ඇදුමක් අදින්නත් අමතක කරන්න එපා.



















