BREAKING NEWS
Search

ජපානයේ ප්‍රබල භූ කම්පාවක්

235

ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එය, භූ කම්පන තීව්‍රතා පරිමාණය අනුව 5 වන මට්ටමේ ප්‍රබල භූ කම්පනයක් බව සඳහන් වේ. (1 සිට 7 දක්වා)

එය එරට වෙලාවෙන් අඟහරුවාදා පෙ.ව. 10:18 ට සිදුව ඇති බව වාර්තා වේ.

එමෙන්ම මිනිත්තු 10 කට පසුව, යසුගි ප්‍රදේශයේ භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 5 ට වඩා අඩු තවත් භූ කම්පනයක් සිදුව ඇත.

එහි විශාලත්වය රික්ටර් මාපක 5.1 ක් ලෙස ගණන් බලා ඇත.

මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැත.

කෙසේවෙතත් පසු කම්පන කිහිපයක් සිදුව ඇති බව සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *