තමන්ගේම නිවසේ නවාතැන් දී, කන්න දීලා බලාගත්තු සේවකයා අතින්ම 35 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයෙක් අවසන් ගමන් ගිය පුවතක් දැන් මුළු පළාතම කම්පා කර තිබෙනවා.
දියගම පදිංචි ධනංජය ප්‍රියදර්ශන නම් තරුණ ව්‍යාපාරිකයා තම නිවසේම බ්ලොක් ගල් වැඩපළක් පවත්වාගෙන ගොස් තිබුණා. මෙහි වැඩට කුරුණෑගල ප්‍රදේශයෙන් පැමිණි සේවකයෙකුට ඔහු තම නිවසේ උඩුමහලේම නවාතැන් දී තිබුණේ සහෝදරයෙකුට වගේ. හැබැයි මේ සේවකයා මෙතරම් දරුණු වෙයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.
පසුගිය 02 වැනිදා අලුයම 5.00ට විතර, මේ සේවකයා මිටියක් අරගෙන නිදන කාමරයට ඇතුළු වෙලා තියෙනවා. තද නින්දේ සිටි ධනංජයගේ හිසට මිටියකින් වැරෙන් පහර කිහිපයක් එල්ල කළ මේ සේවකයා, එතැනින් නොනැවතී නාන කාමරයේ සිට එළියට ආපු ධනංජයගේ බිරිඳටත් මිටියෙන්ම පහර දී තිබෙනවා.
බිරිඳගේ මරහඬ ඇසී අසල්වැසියන් දිව එන විට ඇය නාන කාමරය අසල ලේ විලක් මැද වැටී සිට තිබෙනවා. “සැමියාටත් ගැහුවා.. ඔහුට අමාරුයි..” කියමින් ඇය කළ ඉල්ලීම මත වහාම ඔවුන් දෙදෙනා නාගොඩ රෝහලට ඇතුළත් කළත්, දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ මරණය සමඟ සටන් කළ ධනංජය අද උදෑසන අවසන් හුස්ම හෙළුවා.


















