BREAKING NEWS
Search

අපවිත්‍ර ජලය පානය කිරීමෙන් ඉන්දියාවේ 9ක් මරුට

267

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දොර් ප්‍රදේශයේ පුද්ගලයින් නව දෙනෙකු අපවිත්‍ර ජලය පානය කිරීමෙන් හටගත් පාචන තත්ත්වයකින් මියගොස් තිබේ.

ඉන්දෝර් හි භාගිරත්පූර් ප්‍රදේශයේ ජල මූලාශ්‍රයකට යම් අහිතකර ද්‍රව්‍යයක් කාන්දු වීම හේතුවෙන් එම ජලය අපවිත්‍ර වී ඇති බවයි බලධාරීන් පවසයි.

එම ජලය පානය කළ 200කට අධික තවත් පිරිසක් ද ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ

සිදුකළ ජල පරික්ෂාවකදී ජලයේ තිබී අහිතකර බැක්ටීරියා ඇති බව තහවුරු වී ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ගෙන් ගෙට යමින් ප්‍රතිකාර සිදු කළ බවද වාර්තා වෙයි.

ඉන්දොර් නගරය ඉන්දියාවේ පිරිසිදුම නගරය ලෙස පසුගිය වසර අටක කාලය පුරා නම් දරා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *