BREAKING NEWS
Search

මාරක අනතුරු කිහිපයකින් පස්දෙනෙක් මරුට

244

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් තරුණයින් දෙදෙනෙකු, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (03) මෙම අනතුරු සිදුව තිබුණේ මාරවිල, මීගහතැන්න, නොච්චියාගම, කැස්බෑව සහ බේරුවල යන පොලිස් වසම්වලදීය.

මාරවිල පොලිස් වසමේ, තිසේරාපුර සිට අඩප්පර හන්දිය දක්වා ඇති මාර්ගයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටු කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.

මේ අතර කාලයේ මීගහතැන්න පොලිස් වසමේ පැලවත්ත හොරවල මාර්ගයේ නිවාස 10 සංකීර්ණය අසලදී පාපැදියක් එක්වරම දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් යතුරුපැදිකරු හා පාපැදිකරු බරපතළ තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී පසු පාපැදිකරු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, මද්දේගම, මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි අයෙකි.

මේ අතර නොච්චියාගම තල්ගස්වැව මාර්ගයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙකි.

හොරණ – කැස්බෑව මාර්ගයේදී හොරණ දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් එම කාන්තාව බරපතළ තුවාල ලබා පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 52 හැවිරිදි පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර බේරුවල පොලිස් වසමේ බේරුවල ශාන්ත ආනා මාර්ගයට පිවිසෙන හන්දියේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *