BREAKING NEWS
Search

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි

56

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම කැඳවීම සිදුකර ඇත.

ඒ අනුව මෙම හමුව එරට වේලාවෙන් හෙට පෙරවරු 10ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් ඊට ඇතුළත් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සහ වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් දෙදෙනා විසින් ඊයේ හදිසි රැස්වීමක් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙය සිදුවන බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *