BREAKING NEWS
Search

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියට පොලීසියෙන් වෙඩි

327

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදි අණනොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය වෙඩිතබා තිබේ.

ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා එම අවස්ථාවේදීම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියේ ගමන්ගත් අනෙක් පුද්ගලයා එම අවස්ථාවේ දී පළා ගොස් ඇති අතර පසුව ඔහු වේයන්ගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරුවන් අද (03) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *