BREAKING NEWS
Search

වැලිගමදී විදෙස් ජාතිකයෙකු රිය අනතුරකින් මරුට

88

වැලිගම වෙරළ මාර්ගයේ ඊයේ (2) රාත්‍රියේ සිදුවූ අනතුරකින් විදෙස්  ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ ස්ලෝවැකියානු ජාතිකයෙකු බව පොලීසිය පැවසීය.

අදාළ විදෙස් ජාතිකයා මාර්ගයේ ගමන්කරමින් සිටියදී මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ ජිප් රථයක ගැටී අනතුරට ලක්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු වලාන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *