BREAKING NEWS
Search

ඔබත් මේ ප්‍රදේශවල ජීවත් වන කෙනෙක්ද? එහෙනම් මේ දවස්වල මාස්ක් එකක් නැතුව එළියට යන්න එපා… ඉදිරි දින කිහිපය ගැන කළ විශේෂ හෙළිදරව්ව.

303

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පහුගිය දවස් කිහිපයේම අපේ රටේ ප්‍රදේශ කිහිපයකින් අහන්න ලැබුණේ සතුටුදායක ආරංචියක් නෙවෙයි. ඒ තමයි අපි හුස්ම ගන්න වාතය සෞඛ්‍යයට අහිතකර විදිහට අපිරිසිදු වෙලා කියන එක.


මේ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවත් දරුණු වෙන්න පුළුවන් කියලා දැන් නිල වශයෙන්ම නිවේදනය කරලා තියෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිකුත් කළ අලුත්ම දත්ත වලට අනුව, අද දහවල් වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ වායු ගුණත්වය ඉතාමත් අහිතකර මට්ටමක පවතිනවා. ඒ විතරක් නෙවෙයි මන්නාරම සහ පුත්තලම වැනි ප්‍රදේශවල ජීවත් වන ජනතාවටත් මේ අවදානම එලෙසම බලපානවා.

මේ ගැන අදහස් දක්වපු පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පවසන්නේ, මේ අහිතකර වායු තත්ත්වය ඉදිරි දින 04 පුරාම පවතින්න ඉඩ තියෙන බවයි. වායු ගුණත්ව දර්ශකය පහළ මට්ටමක පැවතීම නිසා ස්වසන රෝග තියෙන අයට වගේම කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට මේක ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.

අසල්වැසි රටවලින් එන සුළං ධාරා සහ වායුගෝලීය වෙනස්කම් නිසා මෙලෙස දූවිලි අංශු වාතයට මුසු වීම සිදුවෙන නිසා මෙම තත්වය ඇති වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.

  1. පිටතට යන විට අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් (Mask) පාවිච්චි කරන්න.
  2. අනවශ්‍ය ලෙස එළිමහනේ කාලය ගත කිරීමෙන් වැළකී සිටින්න.
  3. ස්වසන අපහසුතා ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *