ගජමුතු දෙක විකුණන්න ගිය ෆැක්ටරි තරුණයාට වෙච්ච දේ මෙන්න.

68
හම්බන්තොට පැත්තෙන් ආපු “රාජකීය” බඩු වගයක් විකුණන්න ගිහින් වෙච්ච අකරතැබ්බයක් ගැන දැන් මුළු බේරුවලම කතා වෙනවා.


රුපියල් ලක්ෂ 60කටත් වඩා වටිනාකමක් තියෙන දුර්ලභ ගජමුතු දෙකක් හොර රහසේම විකුණන්න හදපු තරුණයෙක්ව බේරුවල පොලිසිය විසින් කොටු කරගෙන තියෙනවා.

කොට්ටාවේ ෆැක්ටරි එකක වැඩ කරන මේ අවුරුදු 30ක තරුණයා, තමන්ගේ ගමේ ඉඳලා මේ ගජමුතු දෙකත් සාක්කුවේ දාගෙන බේරුවල පත්තේකඩේ මැණික් මාර්කට් එකට ඇවිත් තියෙන්නේ ලොකු ගනුදෙනුවක් බලාපොරොත්තුවෙන්. හැබැයි එයා දැනගෙන හිටියේ නැහැ යුද හමුදා බුද්ධි අංශයේ ඇස් එයා පස්සෙන් එනවා කියලා.

පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළි වෙලා තියෙන්නේ මේ තරුණයාට මේ වටිනා ගජමුතු දෙක ලැබිලා තියෙන්නේ හම්බන්තොට පැත්තේ පුද්ගලයෙක්ගෙන් කියලා. ලක්ෂ ගණන් සල්ලි අතට ගන්න හීන මවාගෙන බේරුවලට ආපු තරුණයාට අන්තිමට සිද්ධ වුණේ රුපියල් ලක්ෂ 60 වෙනුවට පොලිස් කූඩුවට යන්නයි.

දැන් මේ සැකකරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිත අතර, මේවා ඇත්තම ගජමුතුද කියලා තහවුරු කරගන්න පුරාවිද්‍යා වාර්තාවකුත් කැඳවන්න නියමිතයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *