BREAKING NEWS
Search

පෙම්වතා ඉදිරියේම ගගට පැන අතුරුදහන් වූ සිසුවිය ගැන ඇසෙන සංවේදී කතාව

2397

වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේදී ගිංඔයට පැන අතුරුදන් සිටි තරුණියගේ සිරුර හමුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ ජා ඇළ – බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන උදයංගනා සත්සරණී නම් 17 හැවිරිදි පාසල් සිසුවියකි.

ඇය මියයන විට කොච්චිකඩේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇත.

තරුණියව බේරාගැනීමට ගිංඔයට පැන ඇති 18 හැවිරිදි තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (28) සවස 5.30ට පමණ මෙම ඛේදවාචකය සිදුව ඇති අතර, ගිංඔය පාලම ආසන්නයට පැමිණ ඇති තරුණිය සිට පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව එම ස්ථානයට ගෙන්වා ගෙන ඇත.

පසුව ඇය ඔයට පැන ඇති අතර, සිය පෙම්වතිය බේරාගැනීමට තරුණයා ද ගිංඔයට පැන තිබේ.

මියගිය තරුණියගේ මව මේ වනවිට දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවත් ඇයගේ පවුල තුළ අභ්‍යන්තර ගැටලු පැවතී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මියගිය තරුණියගේ සිරුර අද (29) දහවල් පාලම ආසන්නයේ පාවෙමින් තිබිය දී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *