මධුසමය අතරමගදී හෙළි වූ “රහස” නිසා අලුත විවාහ වූ යුවළකට වෙච්ච දේ. මධුසමය අතරමග නවතී

3408
ලංකාවට මධුසමය ගත කරන්න ආපු අලුත විවාහ වූ ඉන්දීය යුවළක් සම්බන්ධයෙන් අතිශය ඛේදනීය පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ සිදුවීම දැන් මුළු ඉන්දියාවම කම්පා කරලා ඉවරයි.


පසුගිය දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි මේ යුවළ මධුසමය ගත කරමින් සිටියදී, බිරිඳගේ අතීත සබඳතාවක් පිළිබඳව ස්වාමිපුරුෂයාට කරුණු දැනගන්නට ලැබී තිබෙනවා. ඒ පිළිබඳව ඇති වූ දැඩි මතභේද සහ ආරවුල් මත, දෙසැම්බර් 21 වන දින ඔවුන් සිය ලංකා සංචාරය අතරමග නවතා දමා නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

නැවත ඉන්දියාවට ගිය පසු, ස්වාමිපුරුෂයා සහ ඔහුගේ පවුලේ අයගෙන් එල්ල වූ දැඩි හිරිහැර සහ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ 26 හැවිරිදි තරුණිය දැඩි ලෙස පීඩාවට පත්ව සිටියා. ඇය පවුලේ ගෞරවය ගැන සිතා දික්කසාද වීමට අකමැති වුවත්, දිගින් දිගටම එල්ල වූ අවමන් දරාගත නොහැකිව පසුගිය බ්‍රහස්පතින්දා බැංගලෝරයේදී සියදිවි නසාගෙන තිබෙනවා.

තරුණියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබීමත් සමඟ බියට පත් ස්වාමිපුරුෂයා, ඔහුගේ මව සහ සහෝදරයා සමඟ බැංගලෝරයෙන් පලා ගොස් තිබුණේ කිලෝමීටර් දහසක් පමණ ඈතින් පිහිටි නාග්පූර් වෙතයි. එහි සැඟව සිටියදී ඔහුද පෙරේදා දිනයේදී සියදිවි නසාගෙන ඇති අතර, ඔහුගේ මවද සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

ඇය මේ වන විට බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මේ වන විට කර්නාටක සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් එක්ව මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *