BREAKING NEWS
Search

පාලමේ බැම්මත් කඩාගෙන කාර් එක ඇළට පනී. අම්පාර – නුවර පාරේ බිහිසුණු අනතුරක්

348

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අම්පාර – නුවර ප්‍රධාන මාර්ගයේ ගොනාගොල්ල පැන්නුම් පාලම අසලදී අද (28) පස්වරුවේ ඉතාම අවාසනාවන්ත රිය අනතුරක් සිදුව තිබෙනවා.

වේගයෙන් ආපු මෝටර් රථයක් පාලමේ පැති බැම්මත් කඩාගෙන ඇළට පෙරළීමෙන් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

අද පස්වරු 1.00 ට පමණ මංගලගම ප්‍රදේශයේ සිට ගොනාගොල්ල දෙසට ධාවනය වූ මෙම මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට රියදුරුට නොහැකි වී තිබෙනවා. ඒත් එක්කම පාලමේ පැති බැම්මේ වැදුණු රථය එයත් කඩාගෙන පහළ ඇළට පෙරළී තිබෙනවා.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් එතැනට රැස්වී ඇළේ පෙරළී තිබුණු මෝටර් රථය තුළ සිරවී සිටි පුද්ගලයන් තිදෙනා ඉතාම අසීරුවෙන් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා. පසුව ඔවුන්ව වහාම ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය තරමක් බරපතල නිසා ඔහුව අම්පාර මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

වේගය සහ නොසැලකිල්ල නිසා සිදුවූ මේ අනතුරෙන් මෝටර් රථයටත් දැඩි හානි සිදුවී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *