BREAKING NEWS
Search

තුවක්කුවක් පත්තු වී තරුණයෙකු ජීවිතක්ෂයට

11

මැදවච්චිය, උඩුම්බුගලවත්ත ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වගා භූමියක බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට රැගෙන යාමේදී මෙලෙස මියගොස් තිබේ.

වන සතුන් දඬයම් කිරීමේ අරමුණින් අදාළ බඳින තුවක්කුව මියගිය පුද්ගලයා විසින්ම අටවා ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *