ඉතින් මේ කියන්න යන කාරණය ඒ හීනයට යන්න මග බලාගෙන ඉන්න ඔබට වැදගත් වේවි..
එමෙන්ම පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට වාහන අලෙවිය පහළ වැටීම සැලකිල්ලට ගෙන කුඩා මෝටර් රථ ආනයනයේදී අය කරන බදු ප්‍රතිශතයද අඩු කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලනවා.
2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ අලුතින් වාහන 268,544ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඔක්තෝබර් මාසය සඳහා වූ මාසික ආර්ථික දර්ශක වාර්තාවේ දැක්වෙනවා.
එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 370.4%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පමණක් නව වාහන 48,006ක් ලියාපදිංචි කර ඇති බවයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙරටට රුපියල් මිලියන 89,052ක පමණ වටිනාකමකින් යුත් වාහන හා යන්ත්‍ර සූතු කොටස් ද ආනයනය කර තිබෙනවා.
එය 2024 වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 21%ක වර්ධනයක්.


















