මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක් විශේෂ ආරංචියක්..
මෙරට රන් වෙළෙඳපොළේ කැරට් 24ක රන් පවුමක මිල අද (27) දිනයේ රුපියල් 6,000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, රුපියල් 332,000 ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල රුපියල් 337,500 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ මේ වනවිට රන් අවුන්සයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර එහි අගය දැක්වුණේ ඩොලර් 4534.16 ක් ලෙසයි.


















