රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
2025 වසර ගෙවී යාමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණක් වන අතර මුළු ලෝකයේම අවධානය දැන් යොමු වී ඇත්තේ 2026 වසර වෙතයි.
අනාගතය පිළිබඳව පුරෝකථනය කළ හැකි යැයි විශ්වාස කෙරෙන ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම අනාගත වක්තෘවරයෙකු ලෙස සැලකෙන නොස්ට්‍රඩාමස් 2026 වසර සම්බන්ධයෙන් සිදු කර ඇති අනාවැකි මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තිබේ.
‘සන්ඩේ ගාඩියන්’ වාර්තාවලට අනුව ඔහුගේ මෙම පැරණි සටහන් වර්තමානයට ගලපා බලන විට පෙනී යන්නේ 2026 වසරේදී යුරෝපය පුරා භයානක යුද ගැටුමක් හටගනු ඇති බවයි.
එහි සඳහන් ‘මී මැස්සන්ගේ මහා රංචුවක් රාත්‍රියේ පැන නගිනු ඇත’ යන යෙදුම වර්තමාන විශ්ලේෂකයින් අර්ථකථනය කරන්නේ හුදෙක් කෘමි සතුන්ගේ ආක්‍රමණයක් ලෙස නොව, නවීන යුද්ධ සඳහා යොදා ගන්නා මාරාන්තික ඩ්‍රෝන යානා ප්‍රහාරයක් හෝ තාක්ෂණික යුධ උපකරණ පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙසයි.
එසේම ඉතිහාසයේ නෙපෝලියන් පාලන සමයේදී මී මැස්සන් අධිරාජ්‍යයේ සහ බලයේ සංකේතයක් ලෙස සැලකූ බැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ව්ලැඩිමීර් පුටින් වැනි ප්‍රබල ලෝක නායකයෙකු ලෝක සිතියම වෙනස් කරන තීරණාත්මක පියවරක් ඉදිරි වසරේදී ගනු ඇතැයි යන මතය ද මේ හරහා මතු වී තිබේ.
මීට අමතරව ‘බටහිර ආලෝකය නිහඬතාවයේ ගිලී යනු ඇති’ බවත් ‘නැගෙනහිරින් ගිනි තුනක් නැගී සිටිනු ඇති’ බවත් ඔහු සටහන් කර ඇති අතර, මෙය ඇමරිකාව සහ යුරෝපය අභිබවා ආසියානු කලාපයේ බලය වර්ධනය වීමක් ලෙස හෝ කෘතීම බුද්ධිය (AI) වැනි තාක්ෂණික දියුණුව නිසා බටහිර ලෝකයේ ඇතිවන ආර්ථික අර්බුදයක් ලෙස විද්වතුන් අර්ථකථනය කරති.
අකුණු සැරයක් වැදී ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු හදිසියේ මිය යනු ඇති බවට කර ඇති ප්‍රකාශය ද යම් දේශපාලන විපර්යාසයක් හෝ රාජ්‍ය නායකයෙකුගේ මරණයක් පිළිබඳ ඉඟියක් විය හැකි බවට සැක පහළ කෙරේ.
මීට අමතරව බටහිර ලෝකය නිහඬව තම දීප්තිය අහිමි කර ගනු ඇති බවත් නැගෙනහිර දෙසින් “ගිනි තුනක්” මතු වන බවත් ඔහු සටහන් කර ඇති අතර, එයින් ගම්‍ය වන්නේ ලෝක බලවතුන්ගේ කේන්ද්‍රය බටහිර රටවල සිට පෙරදිග රටවල් වෙත මාරුවීමක් විය හැකි බවයි.
කෙසේ වෙතත් මෙම විනාශකාරී අනාවැකි මධ්‍යයේ වුවද ඔහු යම් බලාපොරොත්තුවක් ද ඉතිරි කර ඇති අතර, මෙම සියලු ව්‍යාකූල තත්ත්වයන්ගෙන් පසුව යහපත් ගුණාංගවලින් හෙබි ආලෝකවත් පුද්ගලයෙකුගේ නැගී සිටීමක් ගැන ද එහි සඳහන් වේ.
මෙම පුද්ගලයා ලෝකයේ පවතින අර්බුද වලින් අනතුරුව නව ආධ්‍යාත්මික සුවයක් සහ සාමයක් උදා කරනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, නොස්ට්‍රඩාමස්ගේ වචනවල සැබෑ අර්ථය කාලය විසින්ම විසඳනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිති.
මිෂෙල් ඩි නොස්ට්‍රඩම් නමින් 16 වන සියවසේ ප්‍රංශයේ විසූ මෙම වෛද්‍යවරයාගේ අනාවැකි සියල්ලම සත්‍ය නොවූවද, ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ඔහුගේ ඇතැම් අනාවැකි විශ්මිත ලෙස සැබෑ වී ඇති බැවින් ලෝකවාසීන් තවමත් ඔහුගේ හඬට කන් දීමට පෙළඹී සිටිති.


















