BREAKING NEWS
Search

ගේම් ලොව කැලඹූ සුපිරි වීරයෙක් මාරක රිය අනතුරකින් දිවි ගමනට සමුදෙයි…

167
ලොව වඩාත් ජනප්‍රියම වීඩියෝ ක්‍රීඩාවක් වන Call of Duty මාලාවේ සම-නිර්මාතෘවරයෙකු සහ ප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙකු වූ වින්ස් සැම්පෙලා ලොස් ඇන්ජලීස්වල අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


මියයන විට ඔහුගේ වයස අවුරුදු 55ක්.

වාර්තාවන්ට අනුව වින්ස් තවත් පුද්ගලයෙකු සමග ෆෙරාරි රථයකින් ගමන්ගන්නා අතරතුර අධිවේගී මාර්ගයේදී රථය ඉවතට විසිවී ගොස් කොන්ක්‍රීට් බාධකයක ගැටී රථය ගිනිගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයා ඇතුළත සිරවී සිටි ඇති අතර අනෙක් අසුනේ පුද්ගලයා රථයෙන් ඉවතට විසිවී ගොස් ඇති බවයි.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Jason West සහ Grant Collier යන දිගුකාලීන සහකරුවන් සමඟ Vince Zampella 2003 දී Call of Duty වීඩියෝ ක්‍රීඩාව නිර්මාණය කළ අතර එකල එහි පිටපත් මිලියන 500ක් පමණ අලෙවී තිබෙනවා.

Call of Duty අදටත් ලෝකයේ අතිශය ජනප්‍රිය සහ වැඩිම විකුණුම් වූ වීඩියෝ ක්‍රීඩා මාලාවන්ගෙන් එකක් ලෙසයි සැලකෙන්නේ.

තවද Medal of Honor, Titanfall, Apex Legends වැනි ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා රැසක් නිර්මාණය කිරීමේද ඔහු විශාල සහයෝගයක් ලබා දී තිබෙනවා.

ඔහුගේ මෙම වියෝව වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල පාඩුවක් වනු ඇතිබවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *