BREAKING NEWS
Search

හිටපු රාජ්‍ය අමාත්‍ය රත්වත්තේගේ මරණ සහතිකය අධිකරණය ඉල්ලයි

322

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රාත‍්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රඳවා සිටි දමිළ ජාතික රැදවියකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධියට  චෝදනා  ලැබ සිටියදී මියගිය හිටපු  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ මරණ සහතිකය ජනවාරි මස 22 දින අධිකණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සියපත් සසිඳු වික‍්‍රමරත්න මහතා කොළඔ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

හිටපු අමාත්‍යවරයා ඇප අත්සන් කළ ඇපකරුවන්ට එදින අධිකරණ්‍ය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දුන්නේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *