BREAKING NEWS
Search

මරණ සහතික දෙන්නත් උත්සව තියලා

43

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ආපදාවට ලක්වූ ජනතාවට වන්දි ලබාදීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම්වල නිලධාරීන්ට දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ට විධිමත් ලෙස ලිඛිතව දැනුම් දී නොමැති බවද රාජපක්ෂ මහතා කීය.

ජනාධිපතිවරයා වන්දි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතැම් ප්‍රකාශ නිකුත් කර තිබුණද, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී ඊට පටහැනි දේවල් ඉදිරිපත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.

“මරණ සහතික නිකුත් කිරීම සඳහා දේශපාලන අධිකාරිය උත්සව පවත්වා තිබීම කණගාටුවට කරුණක් බවද නාමල් රාජපක්ෂ පැවසීය.

බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ගැටළු විසඳීමට සහ කාලෝචිත සහන සහ නැවත පදිංචි කිරීමේ පියවර සහතික කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලා සිටියේය. රාජපක්ෂ මහතා මේ බව කීවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *