BREAKING NEWS
Search

සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි. තවමත් මිනී පාර දිගේ

927

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු  මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක් ගතවී ඇතත්   එම මීනි ඉවත් කිරීමට  බලධාරින් මැදිහත් වී නැතැයි ගම්වාසීහු චෝදනා එල්ල කරති.

ඉකුත් 27 වැනි දා සිදුවූ ආපදාව සමග මෙම සොහාන් පිටිය නාය යාමට ලක්විය.

මාසයකට ආසන්න කාලයක් මෙම ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව බලධාරින්ට දන්වා ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරිම නිසා ප්‍රදේශයේ ජනතාව රෝ බියකින් පෙලෙන්නට හේතු වී ඇත. මාර්ගය අවහිරවීම නිසා දුනුකේඋල්ල ප්‍රදේශයේ පවුල් දෙදහසක් පමණ එම ගමට කොටුවී ඇති බවද ඔවුහු පවසති.

මේ පිළිබදව අදහස් දැක් වු ප්‍රදේශයේ කාන්තාවක් වන ජයන්ති කුමාරි මෙසේ කිවාය.නාය යාමෙන් සොහොන් පිටියේ වලදමා තිබු මීනි සමඟ පෙට්ටි හතරක් මතුව පාරට පැමිණ තිබෙනවා. අදට මාසයකට කිට්ටුයි. අපි උඩපලාත ප්‍රාදේශිය ලේකම්වරියට මේ ගැන කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. අපි දැන් අසරණ වෙලා. කුණු වී මඩ මුසුව ඇති මේ මීනිවලින් භයානක රෝග පැතිරෙන්න පුළුවන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *