BREAKING NEWS
Search

වෙඩි තැබීමකින් 09දෙනෙකු ජීවිතක්ෂයට

15

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ මත්පැන් අලෙවිසැලක් අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට වේලාවෙන් අද අලුයම් කාලයේ මෝටර් රථ දෙකකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් 12දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර පලාගොස් ඇති බව සඳහන් වේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව පුද්ගල ඝාතන බහුලව වාර්තා වන රටක් ලෙස දකුණු අප්‍රිකාව සැලකේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *