දකුණු ප්‍රංශයේ පිහිටි මහජන පිහිනුම් තටාකයකට සුඛෝපභෝගී මෝටර් රථයක් ඇද වැටීමේ පුවතක් වාර්තා වනවා.
වාහනය නවතා තිබූ ස්ථානයෙන් පිටතට ගැනීමට උත්සාහ කිරීමේදී, රියදුරුට එහි පෙඩල් (pedals) පටලවා ගැනීම නිසා මෙම අනතුර සිදුව ඇති බවවි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
රථය තටාකයට ඇද වැටෙන අවස්ථාවේදී එම මධ්‍යස්ථානය තුළ පිහිනන්නන් සිට ඇති අතර, ඒ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි මෙහෙයුමක් දියත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
මෙම අනතුරෙන් කිසිවෙකුට හානි වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති වුවද, එය එම ස්ථානයේ සිටි පිරිස දැඩි තැතිගැන්මකට ලක් කිරීමට හේතු වු බව සඳහන්


















