BREAKING NEWS
Search

තරුණයෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුර

157

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් නාත්තන්ඩියේ සිට නුවරඑළිය දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදු ව තිබේ .

එම බස් රථයේ රියදුරුට විවේක ගැනීම සඳහා මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ නතර කර තිබෙන අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු බස් රථයේ සුපස දොරෙන් ප්‍රධාන මාර්ගයට බසින විට මෙම අනතුර සිදුව තිබේ.

අද (20) උදෑසන අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේදීයි.

මෙම අනතුරින් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එම තුවාලකරු කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ අතර තත්ත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත ඔහු මාරු කර යවා තිබේ.

එම ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ ලිඳුල මෙරායා ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් නැමති 25 හැවිරිදි තරුණයෙකි.

තවද දිඹුල පතන පොලිසිය සදහන් කරන්නේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු ව තිබෙන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *