BREAKING NEWS
Search

හෙට ඔන්න කාලගුණයේ වෙනසක්. මේ පළාත් වල අය විමසිල්ලෙන් කටයුතු කරන්න.

650

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ දවස්වල කාලගුණය නම් හරිම අමුතුයි. ටිකක් වෙලා පායලා තිබුණත් තව ටිකකින් මුළු අහසම කළු කරලා වැහි බිංදු වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.
හෙට (20) දවසත් ඒ වගේම වෙයි කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අලුත්ම අනාවැකිය කියන්නේ. කාලගුණ වාර්තා පවසන විදිහට හෙට පස්වරු 1.00න් පස්සේ වැස්ස එන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ඉන්න අය පොඩ්ඩක් සීරුවෙන් ඉන්න.

බස්නාහිර සහ සබරගමු පළාත් ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක

මේ ප්‍රදේශවලට වැසි විතරක් නෙවෙයි, ගිගුරුම් සහිත වැසිත් ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ.

වැස්ස විතරක් නෙවෙයි, හෙට හුළඟත් ටිකක් “සැර” වෙන්න ඉඩ තියෙනවා. පැයට කිලෝමීටර් 40ක විතර තද සුළං ඇති වෙන්න පුළුවන් ප්‍රදේශ මෙන්න.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්
උතුර, උතුරු මැද සහ වයඹ පළාත්
ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක



Leave a Reply

Your email address will not be published. Required fields are marked *