BREAKING NEWS
Search

වේලාව පාන්දර 01ට විතර ඇති…” – මැදි වියේ අනියම් පෙම්වතුන් පාන්දරම නව පවුල් දිවියක් අරඹයි… වැල්ලම්පිටියෙන් ඇහෙන පුදුම හිතෙන කතාවක්…

0

මේ අලුත් පවුල් දිවියක් ගැන ඇහෙන කතාවක්.

මේ කතාව ඇහෙන්නේ වැල්ලම්පිටියෙන්.

මැදි වයසේ පසුවන පිරිමි අයෙකු සහ කාන්තාවක වැල්ලම්පිටිය පොලීසිය වෙත පැමිණ නව පවුල් දිවියක් ආරම්භ කළ පුවතක් තමයි මේ.

ඊයේ පාන්දර 01ට පමණ පොලීසියට පැමිණි මොවුන් දෙදෙනාම විවාහක පුද්ගලයන් බව සඳහන්.

නමුත් පිරිමි පුද්ගලයා තම නිත්‍යානුකූල බිරිද සහ දරුවන් හැර දමා පැමිණ තිබුණ අතර කාන්තාවද තම නිත්‍යානුකූල සැමියා සහ දරුවන් හැර දමා පැමිණ තිබුණ බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා පොලීසියට පවසා තිබුණේ තමන් දෙදෙනා තම පෙර විවාහ ජීවිත අත හැර අලුත් ජීවිතයක් ආරම්භ කරන බවයි.

ඒ බව සදහන් කරමින් පොලිස් පොතේ පැමිණිල්ලක් කර දෙදෙනාම නව යුග දිවියක් සදහා මහ රාත්‍රියේම පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *