BREAKING NEWS
Search

කෙහෙල්බද්දර පද්මේ ගැන ඇසෙන තවත් අලුත්ම ආරංචියක් මෙන්න..

496

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔහු ගැන කතා පසුගිය දවස්වල ගොඩක් අහන්න දකින්න ලැබුණා.

මේ කියන්නේ අන්න ඔහු ගැන ඇසෙන තවත් වෙනස්ම කතාවක්.


කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් ඇතුළු දේපල දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින ඔහුගෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශේෂ කාර්ය බලකා කැලණිය කඳවුරේ නිලධාරින්ගේ ද සහය ඇතිව එඩේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *