කෙසේ වෙතත්, අදාළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඇය පැහැරගැනීමකට ලක්ව නොමැති බවත්, තම අනියම් පෙම්වතා වන යුද හමුදා සෙබළෙකු සමග සැලසුම් සහගතව පලා ගොස් ඇති බවත් ය.
ඒ අනුව ඇය වරකාපොළ පොලිසියට ගොස් භාර වී ඇති අතර, වරකාපොළ පොලිසිය විසින් ගොකරැල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ඇයව යළි රැගෙනවිත් තිබේ.
සැමියා රැකියාවට ගිය අවස්ථාවක් බලා ඇය පෙම්වතා සමඟ පලායාමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා නිවසේ තනි නොතනියට සිටි තම සහෝදරියගේ දහතුන් හැවිරිදි පාසල් යන පුත්‍රයා ද හවුල් කරගෙන ඇත.
නිවසට පැමිණි සැමියා සිය බිරිඳ පිළිබඳව විමසූ විට බාලවයස්කාර දරුවා ද නැන්දාගේ ඉල්ලීමට එකඟව කලින් උගන්වා තිබූ පරිදිම ව්‍යාජ තොරතුර පවසා ඇති අතර, එම ප්‍රකාශය විශ්වාස කළ සැමියා ගොකරැල්ල පොලිසිය වෙත ගොස් පැමිණිලි කර ඇත.
පලාගිය කාන්තාව සහ බාලවයස්කාර දරුවා අතර හුවමාරු වූ කෙටි පණිවිඩ පරීක්ෂා කිරීමේදී, නිවසේ අය තමා සොයන්නේද යන්න සහ ඔවුන් කියන්නේ මොනවාද යන්න පිළිබඳව ඇය දරුවාගෙන් විමසා ඇති බව තහවුරු වී තිබේ.
එසේම නිවසේ සිටි සුරතල් බල්ලා තමා පසුපස පැමිණීම වැළැක්වීම සඳහා ඌව කාමරයක දමා දොරගුළු ලා යාමට තරම් ඇය සැලකිලිමත් වී තිබූ බව ද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය විය.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි, ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.අයි.බී. විජයරත්න මහතා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.


















