බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මස්පන්න ගම්මානය ඉකුත් දිනවල ඇති වූ ස්වාභාවික ව්‍යසනයත් සමග මුළු ලෝකය පුරාම කතා බහට ලක්වූ සුන්දර ගම්මානයකි.
තේ වගාව ප්‍රධාන ජීවනෝපාය කරගත් මස්පන්න ගම්වාසීන් ඉතා සරල ජීවන රටාවකට උරුමකම් කියන ආගන්තුක සද්කාරය අතින් ඉහළ ගුණාංගයක්ගෙන් පරිපූර්ණ වූ ගැමියන් පිරිසකි.
මස්පන්න නගරය කුඩා කඩපේළියක්, මෑතකදී ඉදිකළ කුඩා බස්නැවතුම්පළක් සහිත සුන්දර නගරයකි.
මස්පන්නේ දේශගුණික තත්ත්වය මෙන්ම එහි දැකුම්කලු බවද දෙස් විදෙස් සංචාරකයන්, ආකර්ශනය කරගැනීමට පුදුමාකාර හැකියාවන් දැක්වූයේය.
එදිනෙදා ගොවිතැනින් ස්වකීය ජීවන ගමන සරි කරගන්නා මස්පන්න ගම්වාසීන් අතර පැවති අන්‍යොන්‍ය බැඳීම බොහෝ දෙනාගේ අවධානයට යොමුවුණේ පසුගිය 26 වැනිදායින් පසුවය.
මස්පන්න නගරයේ බස්නැවතුම්පළට ඉහළින් තිබුණු විශාල පස්කන්දෙන් කොටසක් පසුගිය 26 වැනිදා දහවල් බස්නැවතුම්පළේ නවතා තිබුණු බස් රථ කිහිපයක් මතට කඩා වැටිණි.
වාසනාවකට එම අවස්ථාව වනවිට නවතා තිබුණු බස් රථවල හා බස්නැවතුම්පළේ කිසිවකු නොසිටි අතර දින ගණනාවක සිට මෙම ප්‍රදේශයට ඇදහැලෙමින් තිබුණු අධික වර්ෂාව හේතුවෙන් මස්පන්න ගම්වාසීන් සිය නිවෙස්වලට වී කල්ගත කරමින් සිටියේය.
එදින එනම් 26 වැනිදා රාත්‍රි මස්පන්න ගම්වාසීන්ගේ ඉරණම තීරණය කරන රාත්‍රිය විය.
පැවති ධාරානිපාත වර්ෂාවත් සමග ගම්මානයට ඉහළින් පැවති පස්කන්ද ක්‍රමයෙන් නාය යමින් තිබුණු අතර කිසිවකුටත් ඒ පිළිබඳ අවධානයක් නොතිබිණි.
සුළු වේලාවකට පසු දැවැන්ත පස් කන්දක් මුළු මස්පන්න ගම්මානයම වසා ගනිමින් පතිත වූයේ ගම්මානය තිබුණු තැනැක්වත් සොයාගත නොහැකි තත්ත්වයට පත්කරමිනි.
එදා පටන් මස්පන්න නගරය ලංකා සිතියමින් අතුරුදන්ව තිබුණි.
ආරක්ෂක හමුදාවන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් මේ වනවිට මස්පන්න ගම්මානය යළි මතුවෙමින් පවතී.
ඊයේ වනවිට පස්කන්දට යටව බස්නැවතුම්පළේ තිබුණු බස් රථ එකින් එක පිටතට ගනිමින් සිටී.





























