මේ මාරක අනතුරක් ගැන ඇහෙන කතාවක්.
හොරණ, දික්හේන්පුර ප්‍රදේශයේදී දරුවන් දෙදෙනෙකු සමග මවක් ධාවනය කළ යතුරුපැදියක් ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් හා ගැටීමකින් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ වයස අවුරුදු දහයක දැරියක් මියගොස් ඇති බව හොරණ පොලිසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ එම යතුරු පැදිය ධාවනය කළ මව සහ මියගිය දැරීයගේ වයස අවු හතරක පමණ නැගණියද මෙම අනතුරින් තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති බවයි.
මෙසේ මීගොස් ඇත්තේ සඳළී අමායා නැමැති හොරණ දොන් පේද්‍රික් විද්‍යාලයේ හතර ශ්‍රේණියේ ෛගෙනුම ලබන දැරියක්.
අද පෙරවරුවේ හොරණ ප්‍රදේශයේ සිට ඉංඟිරිය දෙසට දහවනය වූ හොරණ නගර සභාවේ කසල ප්‍රවාහනය කරන ට්රක්ටරය ඉස්සර කිරීමට යතුරුපැදිය උත්සාහ දරා ඇති අතර එම දෙසටම ධාවනය වූ ටිපර් රථයද එම යතුරුපැදිය සහ ට්‍රැක්ටර් රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදිය ටිපර් රථයේ පිටුපස දකුණු පස රෝදයේ ගැටීමෙන් පසු එහි ගමන් කළ දැරිය ටිපර් රථයට යටවිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ටිපර් රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


















